News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

අත් ට්‍රැක්ටරයක් මාස 9ක බිළිඳෙකුට මරු කැඳවයි

500 Views


අත් ට්‍රැක්ටරයක් මාස 9ක බිළිඳෙකුට මරු කැඳවයි

මොරගොඩ, මහදිවුල්වැව ප්‍රදේශයේදී මවක්, සිය මාස 9ක් වයසැති බිළිඳා සමග අත් ට්‍රැක්ටරයක ගමන් ගනිමින් සිටියදී බිළිඳා මවගේ දෑතින් ගිලිහී ගොස් ට්‍රැක්ටරයට යට වී තිබෙනවා.

අදාළ මව සිය බිළිඳා සමග අත් ට්‍රැක්ටරයේ පිටුපස ගමන් කරමින් සිට තිබෙනවා.

අත් ට්‍රැක්ටරය වැව් බැම්මක් මතින් ධාවනය කිරීමේදී එය එක්වරම පසුපසට යෑම හේතුවෙන් මව අතින් ගිලිහිණු බිළිඳා බිමට වැටී අත්ට්‍රැක්ටරයට යට වී තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ බිළිඳාව යක්කල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් දරුවා මිය ගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post