News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

ලොව ප්‍රකට නිවේදක ලැරී කිං කොවිඩ් 19 වැළඳී මියයයි

503 Views


ලොව ප්‍රකට නිවේදක ලැරී කිං කොවිඩ් 19 වැළඳී මියයයි

CNN නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉකුත් දෙසැම්බර් මස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පිහිටි රෝහලකට ඔහුව ඇතුළත් කළ අතර එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වී තිබුණේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ලැරී කිං දියවැඩියාව, හෘද මෙන්ම පෙණහළු පිළිකා යන රෝග හේතුවෙන් වසර ගණනාවක සිට වෛද්‍ය ප්‍රතිකාර ගත් අයෙක් බවයි.

මසක් පමණ අදාළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලැරී කිං අද උදෑසන මිය ගියා.

ඔහු මිය යන විට 87වැනි වියෙහි පසු වුණා.

ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ ලැරී කිංගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි.

Image


News Articles
Latest Videos
Most Popular Post