News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

482 Views


අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 10 සිට අනිද්දා පස්වරුව දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබෙන බවයි.

අවමංගල්‍යය සභාව අනිද්දා පස්වරු 3.30ට බොරැල්ල සුසාන භූමියේ ඉදි කෙරෙන විශේෂ චිතකය අසලදී ආරම්භ වන අතර ආදාහන කටයුතු පස්වරු 5ට සිදු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ඊයේ අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 99ක්.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post