News Line| Off Air
Generic placeholder image

Jan
23

කොවිඩ් ආසාදිත සුව ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත

537 Views


කොවිඩ් ආසාදිත සුව ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇයව යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරියට වෛරසය ආසාදනය වූ බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් තහවුරු වී තිබූ අතර එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිරෝධායනය වෙමින් සිටියා.

කෙසේ වෙතත් අද දහවල් නිවේදනය කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටයි.


News Articles
Latest Videos
Most Popular Post