News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

ඇඟලුම් සේවිකාවකගේ සිරුරක් ලැගුම්හලක විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී හමුවෙයි

929 Views


ඇඟලුම් සේවිකාවකගේ සිරුරක් ලැගුම්හලක විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී හමුවෙයි

ඇගලුම් සේවිකාවකගේ මළසිරුරක් හොරණ ලැගුම්හලක විදුලි ලංකාවේ එල්ලෙමින් තිබියදී පොලිසිය විසින් සොයගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි.

අදාල මිය ගිය ඇඟලුම් සේවිකාව ඉකුත් දා පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් තනිව එම ලැගුම්භල වෙත පැමිණ තිබෙන අතර එහිදී ඇය විසින් රුපියල් 1000 ක් ගෙවා පැය හයකට පමණ කාලයකට කාමරයක් එම ලැගුම්හලේ සේවකයින් විසින් ලබා දී තිබෙනවා. ඉන් පසු පැය 02 කට පමණ පසු පිරිමි පුද්ගලයෙකු එම කාමරය වෙත ගොස් තිබෙන අතර පැය 06 කට අධික කාලයක් ගත වුවද ඇය නැවත නොපැමිණීම නිසා ලැගුම්හල් සේවකයින් එම කාමරය වෙත ගොස් බලන විට විට ඇයගේ සිරුර එම කාමරයේ විදුලි පංකාවේ එල්ලෙනු දැක තිබෙනවා. අදාල කාමරය තුලට පැමිණි පිරිමි පුද්ගලයා සිට නොමැති අතර ඔහු යලි ලැගුම් හලෙන් පිටව ගිය බවද සේවකයින් දැක නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post