News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

පානදුර, පල්ලිමුල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – විශේෂ ආරක්ෂාවත් යොදවයි

672 Views


පානදුර, පල්ලිමුල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – විශේෂ ආරක්ෂාවත් යොදවයි

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබුණා.

ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

එලෙස මියගියේ 32 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයට මේ වනවිට පොලිස් විශේෂ කාර්යය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post