තම බිරිඳ තවත් තරුණයෙකු සමග අනියම් ඇසුරක් පවත්වා හසු වීම නිසා කුපිත වූ පුද්ගලයෙකු එම තරුණයාට පිහි පහරවල් කිහිපයක් එල්ලකර තිබෙනවා.
අදාළ සිද්ධිය වාර්තා වන්නේ කටාන ප්‍රදේශයෙන්.
එම පුද්ගලයා සංගීත කණ්ඩායමක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙකු වන අතර එහි සේවය සඳහා යන ඔහු යළි නිවසට පැමිණෙන්නේ පසු දින අලුයම් කාලයේදීයි.
එහෙත් සිද්ධිය වූ දින රාත්‍රී 10ට පමණ ඔහු සිය නිවස වෙත පැමිණ තිබූ අතර එම අවස්ථාවේ නිවස තුළින් ඇසුණු නන්නාඳුනන හඬක් සම්බන්ධයෙන් සැක සිතා තිබුණා.
ඒ සමග දොර හරින ලෙස අදාළ පුද්ගලයා බිරිඳට පවසා ඇති අතර එහිදී නිවසේ පසු පසින් තරුණයෙකු පළා යන ආකාරය ඔහුට නිරීක්ෂණය වී තිබෙනවා.
එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඔහු, පළා යමින් සිටි තරුණයා ලුහු බැඳ ගොස් පිහි පහර කිහිපයක් එල්ලකර ඇති බවයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන්ව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිහි පහර එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා නියෝගකර ඇත්තේ රුපියල් පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත සැකකරුව අත්අඩංගුවෙන් මුදා හරින ලෙසයි.
නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පහර කෑම්වලට හසු වූ පුද්ගලයා 20 හැවිරිදි තරුණයෙක්.