ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විසින්.
අදාළ එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ මීට සුළු වේලාවකට පෙරයි.
ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අයත් වන අතර ඉන් එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලබා දිය යුතු බවට දන්වා තිබෙනවා.
අදාළ එන්නත් තොගය භාර ගන්නා ඡායාරූප කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබුණා.
එම ඡායාරූප පහතින් :