News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

අද බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම්

514 Views


අද බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම්

බස්නාහිර පළාත තුළ අද දිනයේ විශේෂ මෙහෙයෙුම් රැසක් සිදු කරන බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක හෝ පී.සී.ආර්. පරීක්ෂණ ස්ථාන 12කදී සිදු කෙරෙන බවයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටව යන්නේ නම් එම ජනතාවට සිදු කෙරෙන අදාළ කොවිඩ් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට සහය දෙන ලෙස අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ එළවළු ලෑලී, මාළු ලෑලී, සති පොළ හා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින් ද කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට සැළසුම්කර තිබෙනවා.

අජිත් රෝහණ මහතා පැවසුවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේදැයි සොයා බැලෙන මෙහෙයුම ද පෙර පරිදි අද දිනයේත් ක්‍රියාක්මක වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post