News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

වයස අවුරුදු 11ක දරුවෙකුගේ ක්‍රියාවක් නිසා මුදල් වංචා කල පුද්ගලයින් දෙදෙනෙකු කොටු වු හැටි

1366 Views


වයස අවුරුදු 11ක දරුවෙකුගේ ක්‍රියාවක්  නිසා මුදල් වංචා කල පුද්ගලයින් දෙදෙනෙකු කොටු වු හැටි

පූජාපිටිය ප්‍රදේශයේ සිදු වූ මුදල් වංචාවක් සිදු කල පුද්ගලයින් දෙදෙනෙකු වයස අවුරුදු 11ක සිසුවෙකු විසින් සිදු කල ක්‍රියාවක් හේතුවෙන් අදාල සැකකරුවන් කොටු කර ගැනීමට හැකිව තිබෙනවා.

ඉකුත් දා එම ප්‍රදේශයේ නිවසකට විදුලි උපකරණ ගෙවීමේ ක්‍රමයට ලබා දෙන ආයතනයක කිහිපදෙනෙකු පැමිණි අතර අදාල නිවැසියන් රුපියල් 50,000 ක පමණ විදුලි උපකරණ ලබාගෙන මුදල ගෙවාද අවසන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ටික දිනකට පසු යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස විදුලි උපකරණ මිලදී ගත් වග පවසා නිවැසියන්ට සදහන් කර ඇත්තේ ලොතරැයි ඇදීමකින් යතුරුපැදියක් ඇදී ඇති බවත් එහි ලියා පදිංචි ගාස්තු වශයෙන් රුපියල් 12,950 ක මුදලක් ගෙවිය යුතු බවත්ය. එහිදී අදාල නිවැසියන් ද එලෙස මුදල් ලබා දී තිබෙනවා.

මෙහිදී එම නිවස අසල පිහිටි නිවසක වයස අවුරුදු 11ක පමණ දරුවෙකු විසින් සිය අතේ තිබුණු ජංගම දුරකතනයෙන් අදාල පුද්ගලයින් දෙදෙනා ජායා රූප ගත කර තිබෙන අතර ඔවුන් පැමිණි යතුරු පැදිය ද මෙම දරුවා ජායා රූප ගත කර තිබෙනවා.

පසුව අදාල නිවැසියන් විසින් මුදල් වංචාව පිලිබදව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර එහිදී අදාල දරුවා ලබාගෙන තිබු ජායා රූප ඔස්සේ අදාල සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post