News Line| Off Air
Generic placeholder image

Jan
31

තවත් ආසාදිතයින් 486ක් හඳුනා ගැනේ

460 Views


තවත් ආසාදිතයින් 486ක් හඳුනා ගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 486 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන්ගෙන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරා ආශ්‍රයෙන් වන අතර සෙසු 476 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත ආසාදිත සංඛ්‍යාව 60,174ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 837ක්.

අද රාත්‍රියේ හඳුනාගත් නව ආසාදිතයින් 486 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 64,130ක් ලෙසයි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 882 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 57,159 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post