කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජා – ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී එම අනතුර සිදුව තිබුණා.
එම අවස්ථාවේ අදාළ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී ඔවුන් මරණයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරදු 49, 47 සහ 69 යන වයස්වල පසු වූවන්.