News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

රිය අනතුරක් තිදෙනෙක් බිලි ගනියි

1450 Views


රිය අනතුරක් තිදෙනෙක් බිලි ගනියි

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජා – ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී එම අනතුර සිදුව තිබුණා.

එම අවස්ථාවේ අදාළ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී ඔවුන් මරණයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරදු 49, 47 සහ 69 යන වයස්වල පසු වූවන්.


News Articles
Latest Videos
Most Popular Post