මුන්දලම, පුලිච්චාකුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ දහවල් කාලය වන තෙක් අදාළ ව්‍යාපාරික ස්ථානය විවෘත නොකිරීම පිළිබඳ සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බැලීමේදී එම මෘත ශරීරය හමු වී තිබුණා.
අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති අතර එහි පැමිණි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ පිහියක් සහ වස කුප්පියක් සිරුර අසල වැටී ඇති ආකාරයයි.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය ව්‍යාපාරික ස්ථානයේ දොරගුළු දමා, වස පානයකර, ගෙල කපාගෙන මිය යන්නට ඇති බවට සැක කරන බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.
මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත්කර ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව සිරුර පිළිබඳ පශ්චාත් පරණ පරීක්ෂණය පවත්වන බවයි සෞඛ්‍ය අංශ කියා සිටියේ.
එලෙස මිය ගොස් ඇත්තේ මුන්දලම, පුලිච්චාකුලම ප්‍රදේශයේම පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙක්.