News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

තලංගම නිවසකින් ගැබිනියකගේ මළ සිරුරක් හමු වෙයි

3891 Views


තලංගම නිවසකින් ගැබිනියකගේ මළ සිරුරක් හමු වෙයි

තලංගම ප්‍රදේශයේ නිවසකින් අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය අදාළ නිවසේ කුලී පදනම මත හෝ කෙටි කාලීනව වාසයකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඇය පසුගිය 27 වැනිදා පමණ මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර ඇයගේ සිරුර හමු වී ඇත්තේ එම නිවසේ කාමරයක් තුළ තිබියදීයි.

මියගොස් සිටි කාන්තාව ගැබ්ගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක පමණ කාන්තාවක් වන අතර ඇයගේ මුල් පදිංචිය ලෙස පොලිසිය දක්වා ඇත්තේ පුවක්පිටිය ප්‍රදේශයේයි.

අදාළ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post