News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

කොවිඩ් ආසාදනය වූ අවුරුද්දක් වයසැති දරුවෙකු මියයයි

545 Views


කොවිඩ් ආසාදනය වූ අවුරුද්දක් වයසැති දරුවෙකු මියයයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු කොවිඩ් 19 වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔහු පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහුට සෙම සහ උණ අපහසුතා තිබීම හේතුවෙන් ඉතා අසීරු තත්ත්වයේ පසු වූ බවයි.

ඒ හේතුවෙන් එම දරුවා දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර ඇති අතර එහි දින 11ක් ප්‍රතිකාර ලබමින් සිටිය ද ඔහුව බේරා ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ එම දරුවාට නියුමෝනියාව වැළඳී තිබූ බවත් ඔහුගේ මවට සහ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර ලබා තිබූ බවයි.

එමෙන්ම දරුවාට ද කොවිඩ් ආසාදිත බවට අවස්ථා දෙකකදී තහවුරු වූ බවත් අධ්‍යක්ෂවරයා පැවසුවා.

එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post