News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

අභ්‍යාසලාභී උපාධිධාරීන් 8500ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

399 Views


අභ්‍යාසලාභී උපාධිධාරීන් 8500ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ පත්වීම් ලිපි ස්ථිර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ බව ද ලේකම්වරයා පැවසුවේය.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.


News Articles
Latest Videos
Most Popular Post