කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් 60ට වැඩි ජනගහනයට මාර්තු පළමු වෙනිදා සිට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු පසු චීනයෙන් අප රටට ලබාදීමට නියමිත එන්නත් ලක්ෂ 03ක ප්‍රමාණයද ලබාගනිමින් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළා.