News Line| Off Air
Generic placeholder image

Feb
3

දෛනික ආසාදිතයින් ගණන 711ක්

883 Views


දෛනික ආසාදිතයින් ගණන 711ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 357 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 711 දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 62,416ක්.

ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 66,409 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post