News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

අවුරුදු 30ත් 60ත් අතර අයටත් කොවිඩ් එන්නත් ලබා දීමේ තීරණයක්

596 Views


අවුරුදු 30ත් 60ත් අතර අයටත් කොවිඩ් එන්නත් ලබා දීමේ තීරණයක්

වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට මෙන්ම අවුරුදු 30ත් 60ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීමට රජය තීරණයකර තිබෙනවා.

කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ වැඩි වශයෙන් රෝගී වී ඇත්තේ වයස අවුරුදු 30 සිට 60 දක්වා අතර පිරිසට බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.

ඒ අනුව එම එන්නත්කරණ සඳහා මෙරට ජනගහනයෙන් මිලියන 9කට අවශ්‍ය එන්නත් මිල දී ගැනීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

මේ මස මැද භාගයත් මාර්තු මස පළමු සතියත් අතර අදාළ එන්නත් නොමිලේ ලබාදීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරිය පළ කළ අදහස් පහතින් :

කෝවැක්ස් පහසුකම යටතේ වයස 60ට වැඩි අයටත් එන්නත්කරණය සිදුකිරීමට හැකිවෙයි. ලංකාවේ ජනගහණය මිලියන 22යි. ඒකෙන් සියයට 60කට ඒ කියන්නේ ලක්ෂ 132 වගේ ජනගහණයකට එන්නත් දෙන්න සැළසුම් කරලා තියෙනවා. ඉන් ලක්ෂ  42කට කෝවැක්ස් පහසුකම හරහා එන්නත් ලැබෙනවා. ඉතිරි ලක්ෂ 90වට රජය මිලදී ගැනීමට තමයි සැළසුම් කරලා තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය හරහා ලබා ගැනීමට SPC ආයතනය ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපි ගණන් බලලා තියෙනවා එක් අයෙකුට එන්නත් මාත්‍රා දෙකටම ඩොලර් 6ක් වගේ වියදම් වෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post