බුත්තල ප්‍රදේශයේ පාසලක 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලැබූ දැරියක් දහවල් ආහාර ගැනීමෛන් පසු ක්ලාන්තය ගතියක් ඇති ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඉන් පසු ගුරුවරු විසින් එම දරුවාගේ මවට ද කතා කර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දීමේදී එය ප්‍රමාද වීම නිසා මව විසින් ගුරුවරියක් ද සමග ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී එහිදී වැඩි දුර ප්‍රතිකාර සදහා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාල දැරිය මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් දැරියගේ මරණය පිලිබදව මෙතෙක් නිශ්චිත තොරතුරක් හදුනාගෙන නොමැති අතර ඇයගේ පී.සී. ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.