News Line| Off Air
Generic placeholder image

Feb
3

හදිස්සියේ පාසලේදී අසනීප වූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියයයි

985 Views


හදිස්සියේ පාසලේදී අසනීප වූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියයයි

බුත්තල ප්‍රදේශයේ පාසලක 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලැබූ දැරියක් දහවල් ආහාර ගැනීමෛන් පසු ක්ලාන්තය ගතියක් ඇති ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඉන් පසු ගුරුවරු විසින් එම දරුවාගේ මවට ද කතා කර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දීමේදී එය ප්‍රමාද වීම නිසා මව විසින් ගුරුවරියක් ද සමග ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී එහිදී වැඩි දුර ප්‍රතිකාර සදහා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාල දැරිය මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දැරියගේ මරණය පිලිබදව මෙතෙක් නිශ්චිත තොරතුරක් හදුනාගෙන නොමැති අතර ඇයගේ පී.සී. ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post