News Line| Off Air
Generic placeholder image

Feb
3

73 වන නිදහස් සැමරුමට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

357 Views


73 වන නිදහස් සැමරුමට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ පවතින භාෂාමය, ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම්ව හුවමාරු කර ගත් පැරණි සබඳතා නැවත අවධාරණය කළා.

කොවිඩ් – 19 වසංගතයට එරෙහි ඒකාබද්ධ සටන ඇතුළුව පසුගිය වසර පුරා දෙරට අතර සහයෝගීතාව ඔහු අවධාරණය කළේය. ඉදිරි වසර කිහිපය තුළ දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර අපේ ජනතාවගේ ප්‍රගතියට හා පොදු සමෘද්ධියට දායක වනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා තවදුරටත් ප්‍රාර්ථනා කර සිටියි.

නායකත්ව මට්ටමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයන් අඛණ්ඩව පවත්වා ගෙන යන අතර එමඟින් කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සංවර්ධන සහයෝගීතාව, වෙළඳ හා ආර්ථික සබඳතා, ජනතාව අතර සම්බන්ධතා යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සුබ පැතුම් පණිවිඩය ඔස්සේ සදහන් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post