News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට කොළඹ වාහන ධාවනයට විශේෂ සැළැස්මක්

418 Views


නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට කොළඹ වාහන ධාවනයට විශේෂ සැළැස්මක්

හෙට පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අවට වාහන ධාවනය සඳහා විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ නිදහස් චතුරශ්‍රය අවට වාහන ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කෙරෙන බවයි.

ඒ අනුව නෙළුම් පොකුණ වටරවුමෙන් නිදහස් මාවත දෙසට ධාවනය කරන වාහන සීමා කෙරෙන අතර පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට ධාවනය වන වාහන ද සීමා වනු ඇති. 

ඒ හේතුවෙන් එම මාර්ග හරහා ධාවනය කරන වාහන විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.

එමෙන්ම නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනය ද සීමා වීමට නියමිත බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post