හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි.
එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.