අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා.
එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට යැයි පවසා අදාළ පුද්ගලයා එහි පැමිණ තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම පුද්ගලයා අදාළ කාන්තාව නිවසේ තනිව සිටින බව දැනගත් පසු ඇයට තර්ජනයකර, දූෂණයකර පළා ගොස් ඇති බවයි.
එම කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබෙනවා.
සිද්ධියෙන් පසු පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය කළ මෙහෙයුමකදී හෝමාගම, පිංකෙත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඔහු 32 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.
පොලිසිය පැවසුවේ, එදිනට ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.