බූස්ස – රූපීවල, මලිදූව ප්‍රදේශයේ නිවාස දෙකකින් කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු දෙකක් අද දහවල් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
ඒ ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුවයි.
මලිදූව ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත්තේ 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් වන අතර පොලිසිය පැවසුවේ ඔහුගේ සිරුරේ කැපුම් තුවාල දක්නට තිබූ බවයි.
ඒ හේතුවෙන් එම මරණය සැක සහිත බව ද පොලිසිය පැවසුවා.
මේ අතර මිය ගිය කාන්තාවකගේ සිරුරක් තවත් නිවසක් තුළ තිබියදී සොයා ගෙන තිබුණා.
ඇය සිය නිවසේ තනිව වාසයකර ඇති බවත් විවිධ රෝගාබාධවලින් පෙළී ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.
එලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක්.
එම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.