News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

ඉන්දියාවේ ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටී 150ක් මරුට – පිරිසක් අතුරුදන් (ඡායාරූප)

399 Views


ඉන්දියාවේ ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටී 150ක් මරුට – පිරිසක් අතුරුදන් (ඡායාරූප)

ඉන්දියාවේ උත්තර්කාණ්ඩ්හි ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කිහිපයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති අතර ඉන් දේපළ රැසකට ද හානි සිදුව තිබෙනවා.

ඉදිවෙමින් පවතින විදුලි බලාගාර දෙකක කම්කරුවන් පිරිසක් මියගිය සහ අතුරුදන් වූවන් අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවා.

එරට බලධාරීන් පැවසුවේ, අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භකර ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිරන්තර අවධානයෙන් පසුවන බව පවසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post