පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මේ බව දන්වා තිබුණා.
2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් පළමු වැනිදා කොමිසමේ සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නා.