තවත් නව ආසාදිතයින් 364 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන්ගෙන් 345 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වන අතර සෙසු 19 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනා ගැනුණා.
ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් හඳුනා ගත් ආසාදිත ගණන 66,225 දක්වා ඉහළ ගියා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන 868ක් වන අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් ගණන 70,000 පසු කළා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 70,235ක් ලෙසයි.
එමෙන්ම ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 64,141ක්.
තවදුරටත් රෝගීන් 5,729 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන්නේ.
මේ අතර අද වාර්තා වූ කොවිඩ් මරණ 9ත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගියා.
