News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

කිරි ගොවීන්ට අය වැයෙන් යෝජනා වූ ලක්ෂ 5 ණය මුදල ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට උපදෙස් (ඡායාරූප)

456 Views


කිරි ගොවීන්ට අය වැයෙන් යෝජනා වූ ලක්ෂ 5 ණය මුදල ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට උපදෙස් (ඡායාරූප)

කිරි ගොවීන් සඳහා අය වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දමන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නා.

අය වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනයකර ගැනීමට සියයට 4ක පොලියක් යටතේ රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

අය වැය යෝජනා අනුව දැනට ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැහැදිලි කිරීමක් කළා.

ඒ අනුව රජයේ සේවකයින්ට දෙනු ලබන නිවාස ණය ලබා ගත් හා ලබා ගන්නා ණය මුදල සියයට 7 පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩි වීම රුපියල් 2500 සිට රුපියල් 3000 අතර වන බව ආටිගල මහතා පෙන්වා දුන්නා.

රජයේ සහ රජයේ නොවන සේවකයින් වෙනුවෙන් විදුලි සූර්යය පැනල වහලයට සවි කිරීම සඳහා දැනට සියයට 4 පොලී අනුපාතයට රුපියල් ලක්ෂ 8ක් දක්වා ණය මුදල් ලබා දීම ද සිදු වන බවයි අදාළ රැස්වීමේදී ප්‍රකාශ වුණේ.

එමෙන්ම මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා අවශ්‍යය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී උපදෙස් දී තිබෙනවා.

එමගින් බීර නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණ වශයෙන් වී මිල දී ගැනීම සීමා කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියාත්මක මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සඳහා සියයට 6.25ක පොළියට ණය පහසුකම් ලබා දීම ආරම්භ වී තිබෙනවා.

විදුලිය ලබා ගැනීම ඇතුළු සමෘද්ධි සමාජිකයන් වෙනුවෙන් පිරිනමන සහන ණය මුදල් කඩිනමින් ලබා දීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.

විදේශ ණය සඳහා යොමු වීම වෙනුවට විදේශ ආයෝජන සම්බන්ධයෙන් රජය මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළා.

ශ්‍රි ලංකා රේගුවේ ආනයන අංශය ඔන්ලයින් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතා එමඟින් ගැටලු අවම කර ගැනීමට උපකාර වූ බව පෙන්වා දුන්නා.

එමෙන්ම දිනකට රේගුවට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සංඛ්‍යාව සියයට 60කින් පමණ අඩුකර ගැනීමට එය උපකාරි වූ බවයි රවිප්‍රිය මහතා කියා සිටියේ.

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමයට බදු ගෙවීම අද දිනයේ සිට ක්‍රියාත්මක අතර ඊට බැංකු 5ක එකඟත්වය හිමි වූ බව ද එම නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා.

බැංකුවලට ණය මුදල් හා ලීසිං මුදල් කලින් පියවීමේදී සියයට 3ක ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ගෙවීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට එම රැස්වීමේදී යෝජනාකර තිබෙනවා.

May be an image of one or more people, people standing, people sitting and indoor
May be an image of 2 people, people sitting, office and indoorMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of 2 people, people sitting, people standing and indoorMay be an image of one or more people and people standingMay be an image of 1 person and sittingMay be an image of 2 people, people sitting, people standing and indoorMay be an image of 1 person, standing and text that says 'KN95'May be an image of 2 people, people standing and indoor


News Articles
Latest Videos
Most Popular Post