News Line| Off Air
Generic placeholder image

Feb
8

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ලබන 25 වැනිදා

413 Views


මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ලබන 25 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් කෙරුණා.

එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඒ පිළිබඳ නියෝගය ලබන 25 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post