News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු PCR පරීක්ෂණ

371 Views


හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු PCR පරීක්ෂණ

හෙට උදැසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

එය සංවිධාන කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්.

ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි වේත්‍රධාරීවරයා කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කාල සීමාවන්වලදී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවන්වලදී ද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post