කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 404 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 975ක් වන අතර එය මේ දක්වා දෛනිකව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන ද වන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 71,201 දක්වා ඉහළ ගියා.