News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

අභිරහස් ලෙස ඝාතනයට ලක්වුණු පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

420 Views


අභිරහස් ලෙස ඝාතනයට ලක්වුණු පුද්ගලයෙකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

පසුගියදා මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකු ලෙස සේවය කල පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා ඉකුත් දා අලුයම් කාලයේදී නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ඉඩමට ගොස් තිබෙන අතර පසුව සිය සැමියා නැවත නොපැමිණීම නිසා බිරිද සොයා බලන අවස්ථාවේ සිය සැමියා අදාල ඉඩමේ වැටි සිටියදී හමුව තිබෙනවා. ඔහුගේ නාසයෙන් හා මුවෙන් ලේ වැගිරෙමින් තිබී ඇති අතර කෙසේ වෙතත් බිරිද පොලිසියට සදහන් කර ඇත්තේ සිය සැමියාගේ මරණය පිලිබදව සැකයක් නොමැති බවයි. මන් ද අදාල මිය ගිය පුද්ගලයා දියවැඩියාව ඇතුළු රෝග රැසකින් පිඩා විදීම හේතුවෙන්.

මේ අතර අදාල මිය ගිය පුද්ගලයාගේ මරණය පිලිබදව සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුගේ ගෙල ප්‍රදේශයට සිදු කල පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව එම වාර්තාවෙන් හෙළිව ඇත්තේ. මේ අනුව පොලිසිය සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post