පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර ප්‍රමාදයකින් තොරව අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.