මොරොක්කෝවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පැවතීම නිසා මෙලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.