News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

තවත් ආසාදිතයින් 539ක් – පෑලියගොඩ පොකුර තවත් ඉහළට

401 Views


තවත් ආසාදිතයින් 539ක් – පෑලියගොඩ පොකුර තවත් ඉහළට

තවත් නව ආසාදිතයින් 539 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 67,739ක්.

මේ අතර අද දහවල් තවත් කොවිඩ් රෝගීන් 591 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේ දක්වා සුවය ලබා ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 65,644 දක්වා ඉහළ ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post