කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 955 දෙනෙක් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
ඊයේ දිනයේ ද දෛනික ආසාදිත සංඛ්‍යාව 900 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 975ක් ලෙසයි.