News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
10

සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

399 Views


සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගෙන බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කර ඇති බවත්ය.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post