රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පසුගිය සති දෙක ඇතුළත ජනගහනය මිලියනයකට 17 ක් දක්වා මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා.