පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් දුරස්ථව සිටි විශේෂ කාර්යය බලකාය නැවතත් ඊයේ දින සිට ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් වරයා සදහන් කරනවා.
මේ අනුව මෙහිදී වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම්, නිලධාරීන් සෝදිසි කිරීම් යන කාර්යයන් සඳහා විශේෂ කාර්යය බලකාය ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩ්දුරටත් සදහන් කලේ.