16 හැවිරිදි පාසල් සිසුවියක් මව සමග ඇති කරගත් සිත් තැවුලක් හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගෙන තිබෙනවා.
අද උදෑසන 6.30 ට පමණ අදාල පාසල් සිසුවිය සිය නිවසින් පාසල් යෑමට පැමිණ ඇති අතර අනතුරුව ඇය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැන තිබෙන බවයි ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ.
තලවකැලේ පොලසිය සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.