ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති බව පවසන පොලිසිය සදහන් කරන්නේ තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩ තුල ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දීමක් සිදු වන්නට හැකි හෙයින් මේ පිලිබදව වඩාත් සැලකිලිමත්ව එවැනි වංචනික ක්‍රියාවලට හසුනොවන ලෙසට පොලිසිය දැනුවත්කර සිටිනවා.