News Line| Off Air
Generic placeholder image

Feb
15

නව ආසාදිතයින් 311 දෙනෙක් හඳුනා ගනියි

355 Views


නව ආසාදිතයින් 311 දෙනෙක් හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සහ බන්ධනාගාර ඇසුරින් හඳුනාගත් ආසාදිතයින් ලෙසයි.

ඒ අනුව පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 301 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බන්ධනාගාර පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 10ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 71,938ක් බවයි.

ඒ සමග මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 75,965 දක්වා ඉහළ ගියා.

මේ අතර වෛරසය ආසාදනය වූ තවත් 715 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූවන් ගණන 69,411ක් ලෙස දැක්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post