News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

යාපනයේ පාසලක සිසුන්ගේ ඇඳුම් ගලවා පච්ච සෙවූ ගුරුවරුන් පිරිසකට එරෙහිව පැමිණිලි

437 Views


යාපනයේ පාසලක සිසුන්ගේ ඇඳුම් ගලවා පච්ච සෙවූ ගුරුවරුන් පිරිසකට එරෙහිව පැමිණිලි

යාපනය වලිකාමම් හි පාසලක 11 ශ්‍රේණියේ පිරිමි ළමුන් කිහිපදෙනෙකුගේ සිරුරේ පච්ච කොටා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම පාසලේ ගුරුවරුන් පිරිසක් අදාළ සිසුන්ගේ සියලු ඇඳුම් ගලවා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

සිසුන් 72 කුගේ ඇඳුම් එලෙස ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට අදාළ ගුරුවරුන් කටයුතුකර ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට විවිධ තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ සිරුරුවල තිබී කිසිඳු පච්ච සළකුණක් හමු වී නැහැ.

එම ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ මව්පියන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද පැමිණිලිකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post