හිටපු කථානායකවරයෙකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.
එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ බවයි.
වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කථානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූවෙක් බවත් සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පිළිබඳ විමර්ශනශීලි ප්‍රාඥයෙකු වූ භක්තිමත් භාෂා ප්‍රේමියෙකු බවත් ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා.
අදාළ ශෝක පණිවිඩය ඇතුළත් නිවේදනය පහතින් :

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ හෙළ පවුලේ සාහිත්‍යධරයෙකු ලෙස හෙළ සාහිත්‍යයට අනූපමය මෙහෙයක් ඉටු කළ ඒ මහතා දේශපාලනඥයෙකු ලෙස මාතෘ භූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ බවයි.
වි.ජ.මු. නමින් ලාංකේය ජන සමාජය තුළ කථානායකවරයෙකු මෙන්ම ජනතා හිතෛශී දේශපාලනඥයෙකු සහ සාහිත්‍යධාරියෙකු ලෙස එතුමා තැබූ ලකුණ කිසිදා මෙරට ජන හදවත් තුළින් මැකී නොයනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවිඩයෙන් පෙන්වා දෙනවා.
එම ශෝක පණිවිඩය පහතින් :
