සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවියහැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.