පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබෙනවා.
එය මේ වනවිට නාරහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද සිට බන්ධනාගාර නිලධාරීන් 5,100 දෙනෙකු සඳහා ද බන්ධනාගාර පුහුණු පාසලේදී එම එන්නත ලබා දීම ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.