News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

අද මන්ත්‍රීවරුන් 19 දෙනෙකු කොවිඩ් එන්නත ලබා ගනියි – කිහිප දෙනෙක් ප්‍රතික්ෂේප කරයි

358 Views


අද මන්ත්‍රීවරුන් 19 දෙනෙකු කොවිඩ් එන්නත ලබා ගනියි – කිහිප දෙනෙක් ප්‍රතික්ෂේප කරයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අද ලබා දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටියා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේපකර තිබුණා.

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් එන්නත ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන් අතරට අයත්.

එන්නත ප්‍රතික්ෂේප කිරීම සිය පෞද්ගලික තීරණයක් මිස එය පක්ෂයේ තීරණයක් නොවන බවත් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත ජනතාවට එය ලබා දීම අවසන් වනතුරු තමන් එන්නත නොගැනීමට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පවසා ඇත්තේ කොවිඩ් වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් සහිත පුරවැසියන්ට මුලින් එන්නත ලබා දිය යුතු බවයි.

කථානායකවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට නියමිත අතර එය අද උදෑසන ආරම්භ කෙරුණේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදීයි.

එන්නත් ලබා දීමේ කටයුතු ඉදිරි දින දෙක තුළදී ද සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post